චීන ජනපති රුසියාවට?


චීන ජනාධිපති ෂී ජින්පිං එලැඹෙන සතියේ රුසියාවේ මොස්කව් නුවර වෙත පැමිණීමට නියමිතව ඇති බව විදෙස් වාර්තා පවසයි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමග සාකච්ඡාවකට මෙම සංචාරය හේතුවන බව රොයිටර් පුවත් සේවය අනාවරණය කර තිබේ.

කෙසේ වෙතත්, ක්‍රෙම්ලීනය හෝ බීජිං පරිපාලනය මෙම සංචාරය නිල වශයෙන් තහවුරු කර නැති වුවත්, පූටින් විසින් චීන ජනාධිපතිවරයාට ආරාධනයක් කර ඇති බව ටාස් පුවත් ඒජන්සිය වාර්තා කරයි.

මේ අතර, පසුගිය මාසයේ වෝල් ස්ට්‍රීට් ජර්නලයද වාර්තා කර තිබුණේ, රුසියානු ජනාධිපතිවරයා මොස්කව් නුවර සංචාරයකට පැමිණීමේ ඉඩක් පවතින බවය.



Recommended Articles