චීන ජනපති පවසන ෂැංහයි සහයෝගීතාවේ වැදගත්කම


SCO නිවැරදි මාවතේ තබා ගැනීමටත්, විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාවය ගැඹුරු කිරීමටත්, සාමාජික රටවල සංවර්ධනය හා පුනර්ජීවනය සඳහා හිතකර පරිසරයක් අඛණ්ඩව පෝෂණය කරන ලෙසත් චීන ජනාධිපති ෂී ජින්පිං සිකුරාදා ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සාමාජික රටවලින් ඉල්ලා සිටියේය.

SCO හි රාජ්‍ය නායකයන්ගේ කවුන්සිලයේ 22 වැනි රැස්වීමේ සීමා සහිත සැසිවාරයට සහභාගී වෙමින් ෂී මේ බව ප්‍රකාශ කළේය.

වසර 20කට පෙර SCO පිහිටුවීමේ සිට, එය ෂැංහයි ආත්මය තහවුරු කර ඇති බවත්, ජාත්‍යන්තර සංවිධානවල සංවර්ධනය සඳහා නව මාවතක් ගවේෂණය කිරීමට සමත් වී ඇති බවත් පැවසූ ෂී, එහි පොහොසත් භාවිතයන්ගෙන් බොහෝ දේ උකහා ගත හැකි බවද කියා සිටියේය.

දේශපාලන විශ්වාසය ගොඩනඟා ගැනීම, ජයග්‍රාහී සහයෝගීතාව අනුගමනය කිරීම සහ එකිනෙකාට සමාන ලෙස සැලකීමේ වැදගත්කම ඉස්මතු කිරීමට අමතරව, විවෘතභාවය සහ සියලු දෙනා ඇතුළත්වීම වෙනුවෙන් පෙනී සිටීම වැදගත් බව ෂී සිය කතාවේදී අවධාරණය කළේය.

විවිධ රටවල්, ජාතීන් සහ සංස්කෘතීන් අතර සුහද සහජීවනය සහ අන්‍යෝන්‍ය ඉගෙනීම, ශිෂ්ටාචාර අතර සංවාදය සහ වෙනස්කම් ඉවත් කරමින් පොදු පදනමක් සෙවීම සඳහා පෙනී සිටිය යුතු බවත්, අනෙකුත් රටවල් සහ ජාත්‍යන්තරය සමග හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමට සහ ජයග්‍රාහී සහයෝගීතාව වර්ධනය කිරීමට සූදානම් බවත් ෂී සඳහන් කළේය.



Recommended Articles