චීනයේ බීජිං හිදී ආරම්භ වූ 4 වැනි ලෝක මාධ්‍ය සමුළුවට (WMS) චීන ජනාධිපති ෂී ජින්පිං සුබපැතුම් ලිපියක් යවා තිබේ.
"කොවිඩ්-19 බලපෑම යටතේ මාධ්‍ය වර්ධන උපාය මාර්ගය" යන තේමාව යටතේ ෂිංහුවා ප්රවෘත්ති ඒජන්සිය විසින් මෙම උත්සවය පවත්වන ලදී.
ෂී ජින්පිං සිය ලිපියේ සඳහන් කළේ වර්තමානයේ ලෝකය ශතවර්ෂයකට වරක් සිදු වූ ගෝලීය වෙනස්කම් සහ පෙර නොවූ විරූ වසංගතයක අන්තර් සම්බන්ධිත බලපෑමට ලක්ව ඇති බවයි. මේ තත්ත්වයන් තුළ ජාත්‍යන්තර භූ දර්ශනය ගැඹුරු හා සංකීර්ණ පරිණාමයකට ලක්වෙමින් පවතින බවද හෙතෙම් සඳහන් කර තිබේ.
අපේ කාලයේ ප්‍රධාන ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු සෙවීමේදී සහ ලොව පුරා පුළුල් සම්මුතියක් ගොඩනැගීමේදී මාධ්‍ය වැදගත් සමාජ වගකීම් දරන බවද චීන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
සමුළුවට සහභාගිවන්නන් ගැඹුරු සාකච්ඡා පවත්වමින් සමුළුවේ තේමාව පිළිබඳව සම්මුතියක් ගොඩනඟා ගනිමින් ජනතාව අතර මිත්‍රත්වය වර්ධනය කිරීමටත්, සංස්කෘතික හා මිනිසුන් අතර හුවමාරුවට පහසුකම් සැලසීමටත්, ජයග්‍රහණය සඳහා නිසි දායකත්වය ලබා දීමටත් උත්සාහ කරනු ඇතැයි විශ්වාසය පළ කර ඇති චීන නායකයා, මනුෂ්‍යත්වයේ හවුල් වටිනාකම් සහ මනුෂ්‍යත්වය සඳහා හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම අවධාරණය කර තිබේ.
ෂිංහුවා, ඇසෝසියේටඩ් ප්‍රෙස්, රොයිටර්, ටාස් රෂියන් නිවුස් ඒජන්සි, ක්යෝඩෝ නිවුස් සහ බීබීසී ඇතුළු ගෝලීය බලපෑම් සහිත මාධ්‍ය සංවිධාන නවයක් විසින් ලෝක මාධ්‍ය සමුළුවට සම-ආරම්භකත්වය ලබාදී තිබේ.
ෂිංහුවා විසින් සංවිධානය කරන ලද, පළමු වැනි ලෝක මාධ්‍ය සමුළුව 2009 දී බීජිං හි පැවැත්විණි, දෙවැන්න 2012 දී මොස්කව්හිදී සහ තෙවැන්න 2016 දී කටාර් අගනුවර වන දෝහාහිදී පැවැත්විණි.