චීනය සිකුරාදා වනවිට බිලියන 1.21කට වැඩි පිරිසකට හෝ රටේ මුළු ජනගහනයෙන් 86.25%ක් කොවිඩ්-19 වෛරසයට එරෙහිව සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති බව ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව (NHC) පවසයි.
එහිදී කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා බිලියන 2.89කට ආසන්න ප්‍රමාණයක් චීන ප්‍රධාන භූමියේ වෙසෙන ජනතාවට ලබා දී ඇති බව NHC හි රෝග පාලන සහ වැළැක්වීමේ අංශයේ නිලධාරියෙකු වන හී ක්න්ග්හුවා පැවසීය.
චීනය න්‍යායාත්මකව ප්‍රජා ප්‍රතිශක්තිය ලබාගෙන ඇති බව එරට ඉහළම ශ්වසන විශේෂඥ ෂොං නන්ෂාන් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, ඔහු වැඩි වැඩියෙන් චීන වැසියන්ට බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙස ඉල්ලා සිටියේය.
පසුගිය සතිය තුළ ගෝලීය වශයෙන් දෛනික සාමාන්‍ය නව ආසාදන මිලියන 1.9 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සඳහන් කරමින්, NHC හි ප්‍රකාශක මී ෆෙන්ග් පැවසුවේ, ඊට සාපේක්ෂව චීනයට අභ්‍යන්තර කොවිඩ්-19 ආසාදිතයන්ගේ යම් පීඩනයකට මුහුණ දීමට සිදුවිය හැකි බවයි.
"රට තුළ සම්ප්‍රේෂණය වැළැක්වීමේ ප්‍රවේශයට සහ ගෘහයන් ආශ්‍රිතව වෛරසය පැතිරීම වැලැක්වීමේ ප්‍රවේශයට අප තවදුරටත් බැඳී සිටීමට අවශ්‍ය වෙනවා" ඔහු පැවසීය.
ඒ අනුව පුද්ගලයින් පරීක්ෂා කර, ආසාදිතයින් නිරෝධායනය කර ඔවුන්ට ප්‍රතිකාර කරන ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. මීට අමතරව, නිවැසියන්ට අවශ්‍යතා සහ වෛද්‍ය සේවාවන් සඳහා ප්‍රවේශය සහතික කිරීමට දැඩි උත්සාහයක් දැරිය යුතු බවද ඔහු පැවසීය.
එසේම කොවඩ්-19 වැළැක්වීම සහ පාලනය පිළිබඳ දැනුවත්භාවය වඩාත් ශක්තිමත් විය යුත්තේ වසන්ත උත්සව නිවාඩුව ආසන්නයට පැමිණ ඇති නිසා බවද හෙතෙම සඳහන් කළේය.
වසන්ත උත්සවය චීන ජාතිකයින්ට වඩාත්ම වැදගත් නිවාඩු දිනයයි. වසංගතය මධ්‍යයේ ගත කරන තුන්වැනි වසන්ත උත්සවය මෙය වනු ඇත. අනාගතයේදී ආරක්ෂාව සහ නිදහස සඳහා බලාපොරොත්තුවක් ඇතිව, ජනතාව රැස්වීම් සහ ගමන් අඩු කරන ලෙස නිලධාරීන් යෝජනා කරයි.