චීන ජංගම දුරකථන අපනයන ඒකක මිලියන 33කින් ඉහළට


වසංගතයත් සමග චීනයේ ජංගම දුරකථන අපනයන වසරින් වසර 17.7%කින් පහත වැටී තිබුණද, ලොවපුරා වසංගතයේ නව සාමාන්‍යය තත්ත්වයක් ඇතිවීමේ ප්‍රතිඵලයක් ලෙස ජනවාරි මාසයේදී එය ඒකක මිලියන 33.02ක් දක්වා ඉහළ ගොස් ඇති බව චීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඇකඩමියේ (CAICT) වාර්තාවක් පෙන්වා දෙයි.

චීන සමාගම් විසින් පසුගිය මාසයේ නව මාදිලි 30ක් නිකුත් කර ඇත. කෙසේ වෙතත් එය පෙර වසරට වඩා 43.4%කින් අඩු වී ඇති බව කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති පර්යේෂණ ආයතනයක් වන CAICT පවසයි.

එමෙන්ම, දේශීය ජංගම දුරකථන වෙළෙඳ පොළෙහි චීන වෙළෙඳ නාම දිගින් දිගටම ආධිපත්‍යය දරයි. එය ඒකක වශයෙන් මිලියන 25.65ක් වූ අතර, සමස්ත දේශීය වෙළෙඳ පොළ අගයෙන් 77.7%ක් විය.



Recommended Articles