චීන ගගනගාමීන්ගේ දීර්ඝම මෙහෙයුමෙන් අඩක් නිමයි


චීනයේ ෂෙන්ෂෝ-13 ගගනගාමීන් අද (16දා) දිනය වනවිට ඔවුන්ගේ මෙහෙයුමෙන් අඩක් සම්පූර්ණ කර ඇති බව නිවේදනය කරයි.

මෙම කාර්ය මණ්ඩලය 2021 ඔක්තෝබර් 16 වැනි දින චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන මූලික මොඩියුලය වෙත පිටත්ව ගියේ, මාස හයක කාලයක් එහි රැඳී සිටීමේ මෙහෙයුමක් සඳහාය.

එය චීනයේ අභ්‍යවකාශ වැඩසටහන් ඉතිහාසයේ දීර්ඝතම මෙහෙයුම් කාලයද වෙයි. කෙසේ වෙතත් දැනට අභ්‍යවකාශයේ රැඳී සිටින චීන ගගනගාමීන් තිදෙනාටම මෙම ගතවූ මාස තුනක කාලය ඵලදායී වූ බව ඔවුන් සඳහන් කර තිබේ.



Recommended Articles