චීන ගගනගාමී අභ්‍යවකාශ බාහිර ක්‍රියාකාරකම සාර්ථකලු


චීන ගගනගාමීන් එරට අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා අභ්‍යවකාශයේ පිටතට පැමිණ සිදුකළ පළමු බාහිර ක්‍රියාකාරකම් සාර්ථකව සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව දැනට ඉදිවෙමින් පවතින අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින චීන ගගනගාමීන් තිදෙනා බාහිර ක්‍රියාකාරකම් (EVA) සම්පූර්ණ කර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මූලික මොඩියුලය වෙත ආපසු ගොස් ඇති බව චීන අභ්‍යවකාශ ඒජන්සිය පැවසීය.

චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිකිරීමේදී පළමු බාහිර ක්‍රියාකාරකම් (EVA) මෙසේ සම්පූර්ණ සාර්ථකත්වයක් ලබාගෙන ඇති බවද එම ඒජන්සිය වැඩිදුරටත් පැවසීය.



Recommended Articles