චීන අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු වන ෂායි ෂිගාං, වැන්ග් යාපිං සහ යෙ ගුවාන්ෆු හෙට (16දා) බීජිං වේලාවෙන් පෙ.ව. 12: 23ට චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන මොඩියුලය වෙත යෑමට සූදානමින් සිටියි.
ෂෙන්ෂෝ-13 නමින් හැඳින්වෙන මෙම මෙහෙයුම චීනයේ ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වූ මිනිසුන් සහිත මෙහෙයුම් හතරෙන් දෙවැනි මෙහෙයුමයි.
මෙම තිදෙනා මාස හයක් අභ්‍යවකාශයේ රැඳී සිටින අතර, එය චීන ගගනගාමීන් පිරිසක් අභ්‍යවකාශයේ රැඳී සිටින දීර්ඝතම කාලය වනු ඇත. චීනයෙන් අභ්‍යවකාශයට යන දෙවැනි කාන්තාවද මීට එක්ව සිටියි.
වයඹදිග චීනයේ ජිකුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ලෝන්ග් මාර්ච්-2එෆ් රොකට්ටුවකින් මෙම දියත් කිරීම සිදු කෙරේ. චීන අභ්‍යවකාශ ඒජන්සියෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂක ලින් ෂිකියාං පැවසුවේ, දියත් කිරීමේ ස්ථානයේ සියලුම පහසුකම් හොඳ තත්ත්වයේ පවතිනි බවයි.
කක්ෂයට ඇතුළු වීමෙන් පසු අභ්‍යවකාශ යානය වේගවත් ස්වයංක්‍රීය හමුවීමක් සිදු කරන අතර කක්ෂයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන මොඩියුලය වන ටියැන්හේ සමග සම්බන්ධ වේ.
පෘථිවියේ මෙන් එකම කාලසටහනට අනුව ගගනගාමීන් අභ්‍යවකාශයේද ජීවත් වන අතර මූලික මොඩියුලයේ වැඩ කරන බව ලින් පැවසීය.
මාස හයකට පසු ඔවුන් ආපසු එන කැප්සියුලය උතුරු චීනයේ අභ්‍යන්තර මොංගෝලියාවේ ස්වයං පාලන ප්‍රදේශයේ ඩොංෆෙන් ගොඩබෑමේ ස්ථානයට පැමිණෙනු ඇත.