චීනය සිය දැඩි කොවිඩ්-19 මර්දන ප්‍රතිපත්ති ලබන වසරේ වසන්තය (මාර්තු - ජුනි) දක්වා දිගටම කරගෙන යාමට සූදානම් වන බව එරට ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ (NHC) රෝග පාලන හා වැළැක්වීමේ අංශයේ නියෝජ්‍ය ප්‍රධානී වූ ලියෑන්ග්යූ පවසයි.
මෑතදී ඩෙල්ටා ප්‍රභේද හමුවේ වරින් වර මතුවූ ආසාදන වෙනුවෙන් චීනය ගත් වේගවත් ක්‍රියාමාර්ග වෛරසය පැතිරීම වැළැක්වීමට ඵලදායී වූ බවත්, රට පුරා වසංගතයට එරෙහිව තත්ත්වය ස්ථාවර කිරීමටත් ඉන් හැකිවූ බවත් වූ සඳහන් කළේය.
ගෝලීය වශයෙන් කොවිඩ්-19 විසින් ගෙන එන අවිනිශ්චිතතා සහ අභියෝග සමග ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා චීනය සිය දැඩි කොවිඩ්-19 මර්දන ප්‍රතිපත්ති ඉදිරියටත් ආරක්ෂා කරන බව ඔහු පැවසීය.
එසේම පසුගිය නොවැම්බර් 5 වනවිට, චීනය කොවිඩ්-19 එන්නත් මාත්‍රා බිලියන 2.3කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති අතර, බිලියන 1.7කට අධික ජනතාවක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇත.
චීනයේ බොහෝ නගර දැනටමත් දේශසීමා සේවකයින් සහ වෛද්‍යවරුන් ඇතුළු ප්‍රධාන කණ්ඩායම් සඳහා මෙන්ම ඉහළ අවදානමක් ඇති වැඩිහිටියන් සඳහා බූස්ටර් මාත්‍රාවක්ද ලබාදී ඇති බව වූ සඳහන් කළේය.
"දේශීය කොවිඩ්-19 තත්ත්වය මත පදනම්ව බූස්ටර් එන්නත් සඳහා ඇතුළත් කළ යුතු කණ්ඩායම් මොනවාදැයි පළාත් පාලන ආයතනවලට තීරණය කළ හැකියි. සුදුසුකම් ඇති අනෙකුත් පුද්ගලයින්ටද බූස්ටර් එන්නත් ලබාගත හැකියි" ඔහු පැවසීය.
ඒ අනුව මේ වනවිට, රට පුරා මිලියන 38ක පමණ ජනතාවකට බූස්ටර් එන්නත් ලැබී ඇත.
මීට අමතරව, ළමයින් අතර රෝගීන් සංඛ්‍යාව සහ බරපතලකම ඉහළ යමින් පැවති බැවින් බොහෝ ස්ථානවල වයස අවුරුදු 3-19 අතර ළමයින් සහ නව යොවුන් වියේ පසුවන්නන් සඳහා කොවිඩ්-19 එන්නත් ලබාදීමටද චීනය කටයුතු කළේය.
"වෙනත් රටවල සමහර පර්යේෂණවලින් පෙනී යන්නේ ළමයින් අතර රෝහල් ගතවීම් මේ වසර මුලදී තත්ත්වයට වඩා 10 ගුණයකින් වැඩිවී ඇති බවයි" චීන රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධාන ප්‍රතිශක්තිකරණ විද්‍යාඥ වැන්ග් හුවාකින් පැවසීය.
ළදරු පාසල්වල හෝ ප්‍රාථමික පාසල්වල දරුවන් තම සම වයසේ මිතුරන් සමග සමීපව කටයුතු කරන බැවින් වෛරසය දරුවන් අතර සම්ප්‍රේෂණය වනවිට තත්ත්වය පාලනය කිරීම වඩාත් අභියෝගාත්මක බව ඔහු පැවසීය.
චීනයේ අක්‍රිය එන්නත් (සීනොෆාම්, සීනොවැක් වැනි එන්නත්) දැනටමත් ළමා භාවිතය සඳහා අවසර දී ඇත.