චීන කොමියුනිස්ට් පක්ෂය බලයට පැමිණි 70 වැනි සැමරුමේ අසිරිය


මහජන චීන සමූහාණ්ඩුවේ, කොමියුනිස්ට් පක්ෂය බලයට පැමිණ වසර 70ක් සපිරීම නිමිත්තෙන් බීජිං නුවර ටියානන්මෙන් චතුරශ්‍රයේදී පැවැත්වෙන දැවැන්ත හමුදා පෙළපාලිය මේ වනවිට පැවැත්වෙමින් තිබේ.

මාඕ සේතුං මහජන චීන සමූහාණ්ඩුව ප්‍රකාශයට පත්කළ ස්ථානයේ රැඳී සිටිමින්, චීන කොමියුනිස්ට් පක්ෂයේ සෙසු නායකයන් සමග වත්මන් චීන ජනපති ෂි ජින්පිං මාඕගේ ඇඳුමින් සැරසී ඒ අභිමානවත් හමුදා පෙළපාළියට නරඹමින් සිටියේය.

රටේ විප්ලවවාදී ආරම්භක පියා පිළිබඳ මතකයන් අවදි කිරීමට ජනාධිපති ෂී කිසිසේත්ම මැලි නොවන බව ඔහුගේ මෙම හැසිරීමෙන් ගම්‍ය මන අතර, ඔහු මෙහිදී සිදුකළ කෙටි දේශනයද හුරුපුරුදු තේමාවන් වන එක්සත්බව, ඉදිරියට ඇදෙන අර්බුද සහ චීනයේ අඛණ්ඩව ගලායන සමෘද්ධිය කෙරෙහි අවධානය යොමු කළේය.

මේ අතර හමුදා පෙළපාළිය පිළිගැනීම සඳහා ඔහු විවෘත මෝටර් රථයක නැගී ගමන් කළ අතර, ඉඳහිට ඔහු අතවනන විට ඔවුන් පක්ෂපාතීත්වයෙන් යුතුව කෑමොර දෙන්නට විය.

එමෙන්ම, කොමියුනිස්ට් පක්ෂයේ වසර 70ක පාලනය සැමරීමේ මෙම ප්‍රධාන අවස්ථාව චීනයේ හමුදා ශක්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බව ප්‍රකට කළේය.

මෙම හමුදා පෙළපාලියේදී හයිපර්සොනික් ග්ලයිඩර් රථ ප්‍රදර්ශනය කෙරුණු අතර, ඔවුන් මෙතෙක් ලොවට හෙළි නොකළ Sharp Sword ස්ටීල්ත් ඩ්‍රෝන යානා මෙන්ම, මිනිසුන් රහිත දියයට යානාද මෙහිදී ප්‍රදර්ශනය විය.

චීනයේ නවතම DF-41 අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලය මිසයිල පෙළ ගැස්මේ අවසානය අභිමානවත්ව සනිටුහන් කරන්නට විය.

එමෙන්ම, ප්‍රහාරක ගුවන් 150කට වැඩි ප්‍රමාණයක් නගරය පුරා පියාසර කරන්නට වූ අතර, චීනයේ සහ ලොව පුරා මිලියන සිය ගණනක් මෙම පෙළපාළිය රූපවාහිනියෙන් සජීවීව නරඹන්නට විය.

කෙසේ වෙතත්, මෙම හමුදා පෙළපාලිය කිසිදු රටක් ඉලක්ක කර නොගන්නා එකක් බවත්, තම හමුදා ශක්තියේ ප්‍රමාණය චීනයේ ජනතාවට සහ ලෝකයට පෙන්වීම මෙහි සැබෑ අරමුණ බව පෙන්වන චීනය, තමන් සාමයට ලැදි ජනතාවක් වුවත්, මූලික වශයෙන් ආරක්ෂාවට මුල්තැන දෙන බවද අවධාරණය කරයි.



Recommended Articles