චීන එන්නත්වල සිව්වැනි තොගයත් සර්බියාවට එයි


චීන කොවිඩ්-19 එන්නත් වල සිව්වැනි තොගයත් ඊයේ (05දා) සර්බියාවට පැමිණියේය.

සර්බියානු අගමැති ඇනා බර්නාබික් සහ සර්බියාවේ චීන තානාපති චෙන් බෝ මෙම එන්නත් තොගය පිළිගැනීමට පැමිණ සිටියහ.

සර්බියාවෙන් මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 621,375ක් බව තහවුරු කර තිබේ.

මේ අතර, චීනයේ සීනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද කොවිඩ්-19 මර්දන එන්නත්වල තවත් මාත්‍රා 500,000ක් තායිලන්තය විසින් මිලදී ගන්නා බව තායි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා මහජන සෞඛ්‍ය අමාත්‍ය අනුටින් චාන්විරකුල් ඊයේ (05දා) ප්‍රකාශ කළේය.

මිලදී ගත් නව එන්නත් තොගය මේ මස අගදී තායිලන්තයට පැමිණෙනු ඇතැයි සඳහන් වේ.



Recommended Articles