චීන එන්නත් රටවල් 100කට අධික සංඛ්‍යාවක අනුමැතියට


චීනයේ කොවිඩ්-19 මර්දන එන්නත් ජාත්‍යන්තර ප්‍රජාව තුළ හොඳ නමක් දිනාගෙන ඇති අතර, ඒවායේ ආරක්ෂාව සහ ඵලදායීතාවය පුළුල් ලෙස පිළිගැනීමට ලක්ව ඇති බව චීනය පවසයි.

ඒ අනුව චීන කොවිඩ්-19 මර්දන එන්නත් භාවිතය සඳහා රටවල් 100කට වැඩි ප්‍රමාණයක් අනුමත කර ඇති බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් අද (02දා) මාධ්‍ය අමතමින් පවසා සිටියේය.

චීනය අවධාරනය කර ඇත්තේ වසංගතය පැතිර ගියදා සිට එන්නත් පළමු හා ප්‍රධාන වශයෙන් ගෝලීය මහජන යහපතක් සලසන බවයි. විශාල ගෘහස්ත ඉල්ලුමක් සහ සීමිත සැපයුමක් තිබියදීත්, රට විසින් එන්නත් මාත්‍රා මිලියන 480කට අධික ප්‍රමාණයක් ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදී ඇති බවත්, එය ලොව විශාලතම එන්නත් සැපයුම්කරු බවට චීනය නිතැතින්ම පත්වූ අවස්ථාවක් බවත් වෙන්බින් සඳහන් කළේය.

රටවල් 100කට ආසන්න සංඛ්‍යාවක් සඳහා එන්නත් ආධාර කිරීමට අමතරව, චීනය කොවිඩ්-19 මර්දන එන්නත් සඳහා වූ ගෝලීය ප්‍රවේශය (COVAX) හරහා ලොවපුරා එන්නත් බෙදා හැරීමේ වැඩසටහනට මූලික මාත්‍රාවන් මිලියන 10ක් ලබාදෙන බවද නිවේදනය කර ඇත.

චීනයේ නිෂ්පාදිත එන්නත් බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබාගත හැකි පළමු මාත්‍රාව වන අතර, එම එන්නත් මේ වනවිට දේව වරප්‍රසාදයක් ලෙස එම රටවල් විසින් වර්ණනා කර ඇති බවද චීනය කියයි.

සමකාසන්න ගිනියාව, සිම්බාබ්වේ, චිලී, ඇන්ටිගුවා සහ බාබුඩා ඇතුළු රටවල් විසින් අගය කරනු ලබන චීන එන්නත් ආරක්ෂිත හා ඵලදායී යැයි කියනු ලබන අතර, කොවිඩ්-19 පාලනය කිරීමට මෙන්ම ප්‍රජා ප්‍රතිශක්තිය එම රටවල් තුළ ඇතිකර ගැනීම සඳහා ජනතාවට උපකාරී වූ බවද එකී රටවල් විසින් පෙන්වා දී තිබේ.

ඉන් නොනැවතී චීනය බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග ඒකාබද්ධ පර්යේෂණ, සංවර්ධන හා නිෂ්පාදන කටයුතු සිදුකරමින්, විදේශීය හවුල්කරුවන්ගේ සහයෝගයෙන් තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම් පැවැත්වීමට අදාළ ව්‍යවසායන් සඳහා සහාය වී ඇති බවද වෙන්බින් පවසා සිටියේය.

"සංවර්ධනය වෙමින් පවතින රටවල එන්නත් ලබා ගැනීමේ හැකියාව සහ දැරිය හැකි මිලකට චීනය අඛණ්ඩව එන්නත් ලබාදීමට දායක වනු ඇති" වෙන්බින් අවධාරණය කළේය.

චීනය ආදර්ශයට ගෙන කටයුතු කළ හැකි සෑම රටකින්ම චීනය ඉල්ලා සිටින්නේ වඩා හොඳ ගෝලීය වසංගත විරෝධී සහයෝගීතාවක් සඳහා එන්නත් සමානව බෙදා හැරීම සහ යෙදවීම ප්‍රවර්ධනය කිරීමට දායක වන ලෙසයි.



Recommended Articles