චීන උප විදේශ ඇමති රුසියානු තානාපති හමුවෙයි


චීන උප විදේශ අමාත්‍ය මා ෂඕෂු, චීනයේ රුසියානු තානාපති අන්ඩ්‍රෙ ඩෙනිසෝව් බීජිංහිදී හමුවූ බව චීන විදේශ අමාත්‍යාංශය බදාදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

රුසියාව සමග මූලෝපායික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බහුපාර්ශ්වික රාමු යටතේ සහයෝගීතාව ගැඹුරු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව මා එහිදී පැවසීය.

ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා රුසියාව චීනය සමග සන්නිවේදනය වැඩි දියුණු කරන බව ඩෙනිසොව් පැවසීය.



Recommended Articles