චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත නව කාර්ය මණ්ඩලයක්


චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය මිනිසුන් සහිත පළමු මෙහෙයුම වන ෂෙන්ෂෝ-16 මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථකව දියත් කර තිබේ.

ලෝන්ග්මාර්ච්-2F රොකට්ටුව මතින් ෂෙන්ෂෝ-16 අභ්‍යවකාශ යානය වයඹ දිග චීනයේ ජියුකුආන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් පෙරවරු 9:31ට අභ්‍යවකාශය බලා ගමන් ඇරඹීය.

අභ්‍යවකාශ යානය ටියැන්හේ ප්‍රධාන මොඩියුලය වෙත සවි කෙරෙන අතර, මෙය අභ්‍යවකාශ මධ්‍යස්ථානය මොඩියුල තුනක සහ අභ්‍යවකාශ නැව් තුනක එකතුවකින් සෑදී තිබේ.

ෂෙන්ෂෝ-16 මෙහෙයුම චීන ගගනගාමීන් තිදෙනෙකු සම්බන්ධ වන අතර, මෙම මෙහෙයුම සමඟ සිව්වැනි වරටත් අභ්‍යවකාශයට ගිය පළමු වැනි ගගනගාමීයා වන ජින්ග් හයිපෙන්ග් අණදෙන නිලධාරියා සහ අභ්‍යවකාශ යානා නියමුවා ලෙස කටයුතු කරයි. මීට පෙර ඔහු ෂෙන්සෝ-7, 9 සහ 11 මිනිසුන් සහිත මෙහෙයුම් සඳහා සහභාගී වී ඇති අතර, අවසාන මෙහෙයුම් දෙකෙහි අණ දෙන නිලධාරියා ලෙස සේවය කර ඇත.

මීට අමතරව, ෂූ යැන්ග්සූ අභ්‍යවකාශ පියාසර ඉංජිනේරුවරයාගේ කාර්යභාරය කරන අතර, ඔහු චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇතුළු වන පළමු වැනි පියාසැරි ඉංජිනේරුවරයා වනු ඇත. ගුයි හයිචාඕ මෙම මෙහෙයුමට සම්බන්ධ වන තෙවැනි ගගනගාමීයාය.



Recommended Articles