චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ටියැන්ෂෝ-4 ළඟාවෙයි


මෙම වසරේදී වැඩ අවසන් වීමට නියමිත චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සැපයුම් ලබාදීම සඳහා සිසුකළ නවතම අභ්‍යවකාශ තරණය සිදුකරමින්, එරට ටියැන්ෂෝ-4 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සාර්ථකව සම්බන්ධ වී තිබේ.

චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සියට අනුව, ලෝන්ග් මාර්ච්-7 Y5 රොකට්ටුව මගින් ගෙන යන ලද, ටියැන්ෂෝ-4 දකුණු දූපත් හයිනාන් පළාතේ වෙන්චැං අභ්‍යවකාශ යානා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් බීජිං වේලාවෙන් අලුයම 1:56ට පිටත්ව ගොස් ඇත.

මීට පෙර සිදුකළ භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ ගමන් මෙන්ම, ටියැන්ෂෝ-4 විසින් ගගනගාමීන් සඳහා මාස හයක ජීවන සැපයුම්, අභ්‍යවකාශ මධ්‍යස්ථාන නඩත්තු සඳහා අමතර කොටස් සහ අභ්‍යවකාශ පර්යේෂණ උපකරණ ඇතුළු සැපයුම් කාණ්ඩ තුනක් රැගෙන ගොස් ඇත.

එමෙන්ම, ටියැන්ෂෝ-4 අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධ වීමට ගතවූයේ පැය 6.5ක් පමණක් වන වේගවත් ඩොකින් තාක්ෂණයක් බවද කියයි.



Recommended Articles