චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින කාර්ය මණ්ඩලය එලැඹෙන බ්‍රහස්පතින්දා (09දා) බීජිං වේලාවෙන් පස්වරු 3:40ට පෘථිවියේ සිටින නරඹන්නන්ට සජීවී විද්‍යා දේශනයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
සෙන්ෂෝ-13 කාර්ය මණ්ඩල සාමාජිකයින් වන සායි ෂිගැං, වැන්ග් යැපිං සහ යේ ග්වාංෆු දැනට මාස හයක මෙහෙයුමක් සඳහා චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටිති.
මෙම විද්‍යා දේශනය අතරතුරදී පෘථිවියේ සිටින අයට තථ්‍ය කාලය තුළ චීන ගගනගාමීන් සමග සන්නිවේදනය කිරීමට හැකි වන බැවින් දේශනය අන්තර්ක්‍රියාකාරී එකක් බවද චීනය කියයි. බීජිං, නැනිං, වෙන්චුවාන්, හොංකොං සහ මැකාවෝ යන ප්‍රදේශවල තරුණයින්ට සජීවීව නැරඹීම සඳහා අවශ්‍ය පහසුකම්ද සලසා තිබේ.
එම කාර්ය මණ්ඩලය චීන අභ්‍යවකශ මධ්‍යස්ථානයේ වැඩ කරන ආකාරය සහ ජීවත් වන ආකාරය, සෛල විද්‍යා පර්යේෂණ අත්හදා බැලීමක් කරන්නේ කෙසේද සහ වස්තූන් අභ්‍යවකාශයේ චලනය වන ආකාරය මෙන්ම, විද්‍යාව පිළිබඳ මහජන කුතුහලය අවුලුවාලීම වෙනුවෙන් භූමියේ සිටින සිසුන් සමග අන්තර් ක්‍රියාකාරීව මෙය නිරූපණය කරනු ඇති බවද කියයි.