චීන ගගනගාමීන් අනතුරට ලක් කරමින්, අභ්‍යවකාශ ගිවිසුම් යටතේ එක්සත් ජනපදය සිය වගකීම් නොසලකා හරින බවට චීන විදේශ අමාත්‍යාංශය චෝදනා කරයි.
SpaceX අභ්‍යවකාශ සමාගමේ අංශයක් වන Starlink Internet Services හි චන්ද්‍රිකා මේ වසරේ චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය ආසන්නයට පැමිණි අවස්ථා දෙකක් වූ බව විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියාන් තහවුරු කළේය.
දෙසැම්බර් මස මුලදී චීනය එක්සත් ජාතීන්ගේ අභ්‍යවකාශ කටයුතු පිළිබඳ කාර්යාලයට ඉදිරිපත් කළ ලේඛනයකට අනුව මෙම හමුවීම් දෙක ජූලි 1දා සහ ඔක්තෝබර් 21දා දිනවල සිදු විය.
එම කාලය තුළ චීනයේ ඉදිවෙමින් පවතින අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ ගගනගාමීන් තිදෙනෙකු සිටි අතර, චන්ද්‍රිකා සමඟ ගැටීම වළක්වා ගැනීම සඳහා මගහැරීමේ ක්‍රියාමාර්ග ගැනීමට සිදු වූ බව ෂාඕ වැඩිදුරටත් පැවසීය.
1967 දී අත්සන් කරන ලද අභ්‍යවකාශ ගිවිසුමට අනුව, ගගනගාමීන් මානව වර්ගයාගේ දූතයන් ලෙස සැලකිය යුතු අතර, සියලුම රාජ්‍යයන් ඔවුන්ගේ ආරක්ෂාවට ගරු කළ යුතු බවත්, ඔවුන්ව ආරක්ෂා කළ යුතු වෙයි. ගගනගාමීන්ගේ ජීවිතයට තර්ජනයක් වන ඕනෑම තත්ත්වයක් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට සහ අනෙකුත් ගිවිසුම්ගත රටවලට වාර්තා කළ යුතු බවද ෂාඕ පෙන්වා දුන්නේය.
"රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන විසින් සිදු කරනු ලබන ජාතික අභ්‍යවකාශ ක්‍රියාකාරකම් සඳහා රාජ්‍යයන් වගකිව යුතුයි" යනුවෙන් ද ගිවිසුමේ සඳහන් වේ.
එක්සත් ජනපදය අභ්‍යවකාශයේ වගකිවයුතු හැසිරීම් පිළිබඳ ඊනියා සංකල්පයට හිමිකම් කියන නමුත් එය අභ්‍යවකාශය පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම් හා බැඳීම් නොසලකා හරින බවත්, ගගනගාමීන්ගේ ජීවිතවලට එය බරපතල තර්ජනයක් බවත් ෂාඕ පෙන්වා දුන්නේ, මෙය ඇමෙරිකාවේ දෙබිඩි පිළිවෙත බවද සඳහන් කරමිනි.