චීනයේ ෂෙන්ෂෝ-14 අභ්‍යවකාශ යානයේ ගගනගාමීන් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඔවුන් සිදුකළ තෙවැනි වටයේ බාහිර ක්‍රියාකාරකම් (EVAs) සම්පූර්ණ කර බ්‍රහස්පතින්දා අභ්‍යවකාශ මධ්‍යස්ථාන මොඩියුල සම්බන්ධ කරන කුටියෙන් පිටත පාලමක් සකසා ගෙන තිබේ.
මෙය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මූලික T-හැඩයේ ස්වරූපය පිහිටුවීමෙන් පසු EVA වල පළමු වටය වූ අතර, ටියනාහේ මූලික මොඩියුලය මධ්‍යයේ සහ එහි දෙපස වෙන්ටියැන් සහ මෙන්ටියැන් රසායනාගාර මොඩියුල ඇත.
මෙම මෙහෙයුම සඳහා චෙන් ඩොන්ග් සහ කායි ෂුසේ මැදිරියෙන් පිටත කටයුතු කළ අතර, ලියු යැන්ග් සහාය සඳහා කුටිය තුළ රැඳී සිටියේය. මෙම EVAs පැය 5.5 ක් පමණ පැවතුනි.
මෙම පාලම නිසා දැන් වෙන්ටියැන් මොඩියුලයේ සිට ටියාන්හේ මූලික හෝ මෙන්ටියැන්ග් මොඩියුලය වෙත පහසුවෙන් එහා මෙහා යාමට හැකි වනු ඇති අතර, ඔවුන්ට අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ ගමන් කළ හැකි දුර දෙගුණ වී තිබේ.