චීනය, රුසියාව සහ දකුණු අප්‍රිකාව එකාබද්ධ නාවික අභ්‍යාසයක් පෙබරවාරි 20 සිට 27දා දක්වා සතියක කාලයක් පවත්වන බව චීන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
දකුණු අප්‍රිකාවේ නැගෙනහිර ඩර්බන් වෙරළ සහ රිචාඩ්ස් බොක්ක ආශ්රිත කලාපයේදී මෙම නාවික අභ්‍යාසයන් සිදුකිරීමට නියමිත බව පැවසේ.
බ්‍රික්ස් රාජ්‍යයන් අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් මෙම නාවික අභ්‍යාසය පවත්වන අතර, මෙය රටවල් ත්‍රිත්වයේ නාවික ආරක්ෂාව තර කිරීමට ඇති හැකියාව වර්ධනය කෙරෙන අභ්‍යාසයක් බවද සඳහන් වෙයි.
මෙම රටවල් ත්‍රිත්වය ඔවුන්ගේ පළමු වැනි ඒකාබද්ධ නාවික අභ්‍යාසය සිදුකර තිබුණේ වර්ෂ 2019 දී වන අතර, වසංගත තත්ත්වයද පසුගිය වසරවල අභ්‍යාසයන් සිදු නොවීමට හේතු විය.