යුක්රේනය ආක්රමණය කිරීමට චීනය රුසියාව වෙත මාරාන්තික ආධාර ලබාදෙන බවත්, එය එකසත් ජනපදය තරයේ හෙළා දකින බවත් ඇමෙරිකානු රාජ්ය ලේකම් ඇන්තනී බ්ලින්කන් චීනයේ ඉහළම රාජ්ය තාන්ත්රිකයාට පවසයි.
වැන්ග් යී සහ ඇන්තනී බ්ලින්කන් ජර්මනියේ මියුනිච් නුවරදී එකිනෙකා හමුවූ අවස්ථාවේදී මෙම අදහස් පළකර ඇති බව සඳහන් වෙයි.
ගෝලීය ආරක්ෂක සමුළුවට සමගාමී සාකච්ඡාවකදී දෙරටේ ඉහළම රාජ්ය තාන්ත්රිකයන් දෙදෙනා මෙසේ එකිනෙකා හමුවී ඇත.
ඇමෙරිකාවට ඉහළින් චීනය ඔත්තු බැලීමේ බැලූනයක් යැවූ බවට චෝදනා කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ නියෝගයට අනුව එය වෙඩිතබා බිම හෙළීමට ඇමෙරිකාව කටයුතු කිරීමත් සමග දෙරට අතර සබඳතා තවදුරටත් පළුදු විය.
මෙම බැලූන හමුදාමය නොවන සිවිල් කටයුතු වෙනුවෙන් යොදාගත් ඒවා බවත්, ඒවා පාලනයෙන් මිදී සුළඟට ගසාගෙන විත් ඇමෙරිකානු කලාපයට ඇතුළු වී ඇති බවත් චීනය කියා සිටියේය.
කෙසේ වෙතත්, රාජ්ය තාන්ත්රිකයන් දෙපළම මෙම සිදුවීම සම්බන්ධයෙන් ඔවුනොවුන් සිදුකළ ක්රියාවන් ගැන සමාව ගැනීමක් මෙම හමුවේදී සිදු නොවූ බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසා සිටියි.