චිලී රාජ්‍යයට ප්‍රබල භූ කම්පනයකින් බලපෑම්


යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානයට (EMSC) අනුව චිලියේ, ඇන්ටොෆගස්ටා ප්‍රදේශයට රික්ටර් පරිමාණයේ 6.2 ක භූමිකම්පාවක් ඇතිවී තිබේ.

භූමිකම්පාව කිලෝමීටර් 80ක් ගැඹුරින් ඇති වූ බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, මෙම භූ කම්පනය හේතුවෙන් ඇතිවූ ජීවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැත.



Recommended Articles