චිලියේ අන්ත දක්ෂිණාංශික නීතීඥ ජෝස් ඇන්ටෝනියෝ කස්ට් සිය වාම ප්රතිවාදියා වූ ගේබ්රියෙල් බෝරික් අතින් පරාජයට පත්වීමත් සමග ජනාධිපතිවරණයේ වාමාංශික ජයග්රහණය සැමරීමට ජනතාව සන්තියාගෝ නුවර වීදි පුරා රැස්ව සිටින ආකාරය දැකිය හැකි විය.
ජනාධිපතිවරණයේ ප්රතිඵලවලින් 92%ක ඡන්ද ගණන් කර තිබූ අවස්ථාවේදී පවා, 35 හැවිරිදි බොරික් 55%කට වඩා ඡන්ද ප්රතිශතයක් සමග ඉදිරියෙන් සිටියේය.
එම අවස්ථාව වනවිට කස්ට් ලබාගෙන තිබුණේ 44%ක ඡන්ද ප්රතිඵලයක් පමණි. ඒ අනුව බලාපොරොත්තු වූවාටත් වඩා ඡන්ද ප්රතිශතයකින් පැහැදිලි බහුතර ජනවරමක් ලබාගැනීමට චීනයේ නව තරුණ නායකයා සමත්ව තිබුණි.