චිලියේ කොරෝනා ආසාදිත අගය 80,000 ඉක්මවා ගිහින්


චිලී රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගෙවීගිය දිනයේ නව කොරෝනා වෛරස රෝගීන් 4,328ක් වාර්තා කර තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත අනුව අද (28දා) උදෑසන වනවිට චිලියෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 82,289 කි.

එමෙන්ම එරට සෞඛ්‍ය බලධාරීන් විසින් තවත් මරණ 35ක් වාර්තා කර ඇති අතර, බදාදා දහවල් වනවිට රටේ සමස්ත මරණ සංඛ්‍යාව 841ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරසය ආසාදිතව මේ දක්වා එරට තුළ සුවය ලබා ඇති පිරිස 33,540ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි. 



Recommended Articles