චිලියෙන් තවත් ආසාදිතයන් 3,700ක් - සමස්ත 69,102යි


චිලියේ එක් දිනක් තුළ නව කොරෝනා වෛරස ආසාදිතයන් 3,709ක් වාර්තා කර ඇති අතර, ඒ සමග රටේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 69,102ක් දක්වා ඉහළ ගිය බවත් එරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එමෙන්ම චිලී රාජ්‍යයේ සෞඛ්‍ය බලධාරීන්ට අනුව එරටින් නව මරණ 45ක් වාර්තා වී ඇති අතර, රටේ සමස්ත මරණ සංඛ්‍යාව 718කි.

බ්‍රසීලය සහ පේරු රාජ්‍යන්ගෙන් පසුව, ලතින් ඇමරිකාවේ වැඩිම තහවුරු වූ ආසාදිත සිද්ධි වාර්තා වන රට ලෙස චිලී රාජ්‍යය සැලකෙයි.



Recommended Articles