චිනයේ හුබෙයි පළාතෙන් පමණක් ඊයේ දිනයේ ආසාදිතයන් 2103ක්


මධ්‍යම චීනයේ හුබෙයි පළාත හෙවත්, නව කොරෝනා වෛරස් රෝගයේ කේන්ද්‍රස්ථානයෙන් ඊයේ (02දා) දිනය තුළ පමණක් ආසාදිත රෝගීන් 2,103ක් වාර්තා කර තිබේ.

ඒ අනුව, මෙම හුබෙයි පළාතෙන් පමණක් මේ වනවිට වාර්තා වී ඇති නව කොරෝනා ආසාදිතයන් ගණන 11,177ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම ඊයේ දිනයේ තවත් මරණ 56 ක් වාර්තා වූ අතර රෝගීන් 80 දෙනෙකු පළාතේ රෝහල්වලින් මුදා හැර ඇති බවද චීන මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.



Recommended Articles