චිකාගෝ ගුරුවරු අතින් සිසුන් 600ක් අතවරයට?


එක්සත් ජනපදයේ තුන්වැනි විශාලතම පාසල් දිස්ත්‍රික්කය වන චිකාගෝ හි ගුරුවරුන් සහ පරිපාලකයන් අතින් සිසු සිසුවියන් 600කට වැඩි පිරිසක් ලිංගික අතවරයන්ට හෝ බලපෑම්වලට ලක්ව ඇති බවට වාර්තාවකින් හෙළිවී තිබේ.

2021-2022 පාසල් වර්ෂය තුළ ලිංගික අපචාර පැමිණිලි 600කට වැඩි ප්‍රමාණයක් විමර්ශනය කර ඇති අතර, එම සිදුවීම්වලින් අඩකට පමණ චෝදනා වලංගු බව සොයා ගත් බව දිස්ත්‍රික් පොලිස්පති කාර්යාලය (OIG) සිය වාර්ෂික වාර්තාවේ ප්‍රකාශ කළේය.

මෙම තත්ත්වය අසාමාන්‍ය ලෙස පාසල් පද්ධතිය බිඳ වැටීමක් ලෙස සලකා ඇති අතර, එය වසරකට පෙර විමර්ශනය කළ පැමිණිලි සංඛ්‍යාව මෙන් දෙගුණයක් බවත්, විවෘත වූ නව නඩු සංඛ්‍යාව පෙර වසරට වඩා 38%කින් ඉහළ ගොස් ඇති බවත් කියයි.



Recommended Articles