චාල්ස් රජු එළිසබෙත් රැජිනට වඩා පෝසත්ලු


මහා බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුගේ පෞද්ගලික වත්කම් ඇ.ඩො.මිලියන 745ක් බවත්, එය දෙවැනි එළිසබෙත් රැජිනගේ වත්කම් හා සැසඳීමේදී සිය මවට වඩා චාල්ස් රජු 60%කින් ධනවත් බවත් අනාවරණය වෙයි.

බ්‍රිතාන්‍යයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත විසින් සිදුකරන ලද ඇස්තමේන්තුවකට අනුව චාල්ස් රජුගේ වත්කම් සම්බන්ධ මෙම නවතම අනාවරණය සිදුකර තිබේ.

මේ අතර සන්ඩේ ටයිම්ස් පුවත්පත පසුගිය වසරේ සිදුකළ ඇස්තමේන්තුවේදී දෙවැනි එළිසබෙත් රැජිනගේ වත්කම් ගණනය තිබුණේ ඇ.ඩො.බිලියන 459ක් ලෙසිනි.

චාල්ස් රජුගේ වත්කම් අතර අක්කර 130,000කට වඩා වූ රාජකීය දේපළ කළමනාකරණ කටයුතු, 260ක් පමණ වූ ගොවිපළ, මෙන්ම එංගලන්තය සහ වේල්සය පුරා පැතිරුණු දේපළද අයත් වේ.



Recommended Articles