චාල්ස් කුමරුට දෙවැනි වරටත් කොවිඩ් වැලඳේ


බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව ඔහුගේ කාර්යාලය ප්‍රකාශ කළේ, සිංහාසනයේ උරුමක්කාරයා දෙවැනි වරටත් ආසාදනය වූ බව තහවුරු කරමිනි.

"අද උදෑසන වේල්ස් කුමරු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර දැන් ස්වයං හුදකලා වී සිටිනවා" එලැඹෙන දිනයේදී ඔහු සැලසුම් කළ කටයුතු අවලංගු කළ බව නිවේදනය කරමින් ඔහුගේ කාර්යාලය පැවසීය.

ඔහුගේ තත්ත්වය පිළිබඳව ක්ෂණික අදහස් දැක්වීමක් සිදු නොවීය. 73 හැවිරිදි චාල්ස් කුමරු දෙසැම්බර් මාසයේදී තමාට සහ තම බිරිඳ කැමිලාට සිය කොවිඩ්-19 එන්නත් බූස්ටර මාත්‍රාව ලැබී ඇති බව පැවසූ අතර, මීට පෙර 2020 මාර්තු මාසයේදී ධනාත්මක බව පරීක්‍ෂා කළ විට ඔහු මෘදු රෝග ලක්ෂණ පමණක් අත්විඳීමට වාසනාවන්ත වූ බවද පවසා තිබුණි.

එවර ඔහු සිය රාජකාරිය නැවත ආරම්භ කිරීමට පෙර ස්කොට්ලන්තයේ ඔහුගේ බර්ක්හෝල් නිවසේ ස්වයං හුදකලාවේ දින හතක් ගත කළේය.



Recommended Articles