අක්‍රිය වූ ඇමෙරිකානු චන්ද්‍රිකාවක් මෙම සති අන්තයේ අහසින් කඩා වැටෙනු ඇතැයි අපේක්ෂා කරන නමුත් එය බොහෝවිට එයින් කිසිවෙකුට හානියක් නොවනු ඇතැයි එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය (NASA) පවසයි.
අවුරුදු 38ක් පැරණි, රාත්තල් 5,400 (කිලෝග්‍රෑම් 2,449) බරින් යුතු මෙම චන්ද්‍රිකාව ඉරිදා රාත්‍රියේ පෘථිවි වායුගෝලයට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නැවත ඇතුල්වීමේදී එයින් වැඩි කොටසක් දැවී යනු ඇතැයි අපේක්ෂා කරන අතර, සමහර කොටස් නොනැසී කඩා වැටෙනු ඇති බව විශ්වාස කෙරෙයි.
අභ්‍යවකාශය කේන්ද්‍ර කරගත් පර්යේෂණ සහ සංවර්ධන ආයතනයක් වන Aerospace Corp. අප්‍රිකාව, ආසියාව, මැදපෙරදිග සහ උතුරු සහ දකුණු ඇමෙරිකාවේ බටහිර ප්‍රදේශ හරහා සුන්බුන් සඳුදා උදෑසන පතිත වීමක් සිදුවනු ඇතැයි පුරෝකථනය කරයි.