ඉන්දියාවේ සඳ තරණය හෙවත් චන්ද්‍රයාන් - 2 යානය අද ප.ව. 2.43ට සාර්ථකව අභ්‍යවකාශය බලා ගමන් ඇරඹූ බව විදෙස් වාර්තා පවසයි.
තාක්ෂණික ගැටලුවක් නිසා සතියක කාලයක ප්‍රමාදයකින් පසුව මෙසේ ඉන්දියාවේ සඳ තරණය සඳහා වූ ප්‍රයත්නය සාර්ථක වී ඇත.
මෙම සඳ තරණය ඉන්දියාන මාධ්‍ය විසින් සජීව විකාශයක් ලෙස විසුරුවා හැරි අතර, මෙය ලෝකයේ අභ්‍යවකාශ තරණයෙහි ඉන්දියාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකෙයි.
දැනට ඇමෙරිකාව, සෝවියට් රුසියාව සහ චීනය පමණක් සඳ තරණය කර ඇති අතර, ඉන්දියාව සඳ තරණය කළහොත් ඔවුන් එම අවස්ථාව උදාකර ගන්නා ලොව සිව්වැනි රාජ්‍ය බවට පත්වනු ඇත.