චන්ද්‍රයාන් - 2 ලෑන්ඩරය රළු ගොඩබෑමක් කරලාලු - නාසා


සඳ මතුපිට ප්‍රථම වරට තරණය කිරීමට සැරසුණු ඉන්දියානු චන්ද්‍රයාන් - 2 මෙහෙයුමේ ලෑන්ඩරය රළු ගොඩබෑමක් සිදුකරන්නට ඇති බව නාසා ආයතනය පවසයි.

එම ලෑන්ඩරය සඳ මතුපිට ගොඩබමින් පවතින අවස්ථාවේදී ප්‍රධාන පාලක මැදිරිය සමග පැවති සබඳතා ඇණහිටීමක් සිදුවූයේ ලොව සඳ තරණය කළ සිව්වැනි රාජ්‍ය වීමට ඉන්දියාව තිබූ අවස්ථාව මගහරවමිනි.

එමෙන්ම, මෙම යානය ගොඩබෑම සිදුවූ ප්‍රදේශය ආශ්‍රිත චන්ද්‍රිකා ඡායාරූපයක්ද නාසා ආයතනය විසින් නිකුත් කර ඇති අතර, එහි යානය පිළිබඳ නිශ්චිත සටහනක් දැකගත නොහැකිය.

පසුගිය සැප්තැම්බර් 07 වැනිදා මෙම ලෑන්ඩර් යානය සඳ මතුපිට ගොඩබෑමට නියමිතව තිබුණු අතර, මෙය රැගත් චන්ද්‍රයාන් - 2 චන්ද්‍රිකාව ඊට මාසයකට පෙර අභ්‍යවකාශගත විය.



Recommended Articles