චන්ද්‍ර පාෂාණවල ඔක්සිජන්, ඉන්ධන ජනන හැකියාවක්


චීන විද්‍යාඥයින් විසින් සඳ මත ඇති පාෂාණ ඔක්සිජන් සහ ඉන්ධන නිපදවීමට හැකියාව ඇති බව සොයාගෙන ඇති අතර, එය සඳෙහි හෝ ඉන් ඔබ්බෙහි මානව ගවේෂණ තවදුරටත් සිදු කිරීම සඳහා චන්ද්‍ර සම්පත් උපයෝගී කර ගැනීමේ වඩාත් ප්‍රබෝධමත් හැකියාවන් පෙන්නුම් කරන බවද අනාවරණය කරයි.

නැන්ජිං විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පෙන්වා දුන්නේ චීනයේ චැන්ගී-5 ගවේෂණය මගින් නැවත පෘථිවිය වෙත ගෙනඑන ලද චන්ද්‍ර සාම්පලයේ කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් සහ ඉන්ධන බවට පරිවර්තනය කළ හැකි ක්‍රියාකාරී සංයෝග අඩංගු බවයි.

මුලදී, ඔවුන් බලාපොරොත්තු වූයේ සඳෙහි බහුලම සම්පත් දෙක වන චන්ද්‍ර පස සහ සූර්ය විකිරණ ප්‍රයෝජනයට ගන්නා පද්ධතියක් සැලසුම් කිරීමට බව මීට පෙර ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව කියැවිණි.

චැන්ගී-6 චන්ද්‍ර පාෂාණ නියැදිය විශ්ලේෂණය කිරීමෙන් පසුව, කණ්ඩායම විසින් සාම්පලයේ යකඩ බහුල සහ ටයිටේනියම් බහුල ද්‍රව්‍ය අඩංගු වන බවත්, සූර්යාලෝකය සහ කාබන් ඩයොක්සයිඩ් භාවිතයෙන් ඔක්සිජන් නිපදවීමට උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කළ හැකි බවත් සොයාගෙන ඇත.

එමෙන්ම, මෙම අධ්‍යයනයට අනුව සඳ වාසීන් විසින් පිට කරන කාබන් ඩයොක්සයිඩ් එකතු කර හයිඩ්‍රජන් සමග මිශ්‍රකර මීතෙන් ඉන්ධන ලබාගැනීමක් ගැනද සඳහන් කර තිබේ. මෙම ක්‍රමය සමග සඳ මත ජීවයට ආධාර කිරීම සඳහා ඔක්සිජන් සහ ඉන්ධන නිපදවීමට සූර්යාලෝකය හැර කිසිදු බාහිර ශක්තියක් භාවිත නොකරන බව පර්යේෂකයෝ පැවසූහ.



Recommended Articles