ඝානා පතල් ප්‍රජාවේ පිපිරීමක් - ජීවිත හානි 20ක් ඉක්මවයි


ඝානාවේ බටහිර කලාපයේ පතල් ප්‍රජාව ජීවත්වන ප්‍රදේශයේ සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 20දෙනෙකු මිය ගොස් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

ජාතික ආපදා කළමනාකරණ සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සේජි සාජි පවසන පරිදි පතල් කැණීම් පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් යතුරුපැදියක ගැටීමෙන් පසු අපියේට් පතල් ප්‍රජාව තුළ මෙම පිපිරීම සිදුව තිබේ.



Recommended Articles