ගෝලීය හරිතාගාර වායු මට්ටම් 2020 දී ඉහළ ගිහින්


කොරෝනා වෛරස් සීමා කිරීම් හේතුවෙන් ලොව විශාලතම නගර කිහිපයක් මාස ගණනාවක් තිස්සේ වසා දමා තිබියදීත් ගෝලීය හරිතාගාර වායු මට්ටම් පසුගිය වසරේ වාර්තාගත ඉහළම මට්ටමට ළඟාවී තිබේ.

මෙම සොයාගැනීම් ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) විසින් එහි නවතම හරිතාගාර වායු ප්‍රකාශනයේ සඳහන් කර ඇති අතර, එය ගෝලීය කාබන් ඩයොක්සයිඩ්, මීතේන් සහ අනෙකුත් වායූන්ගේ ගෝලීය මට්ටම් මැන බලන ප්‍රකාශනයයි.

WMO ට අනුව, පෘථිවියේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය 2020 දී මිලියනයකට කොටස් 413.2ක් දක්වා ළඟා වී ඇති අතර, එය පූර්ව කාර්මික මට්ටමට වඩා 149%ක ඉහළ යෑමකි.



Recommended Articles