ගෝලීයකරණය හරහා සියලු රටවලට වාසිසහගත වන ගෝලීය විවෘත ආර්ථිකයක අවශ්‍යතාව බ්‍රික්ස් රාජ්‍ය නායකයෝ අවධාරණය කරති.
බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල එකතුවෙන් සුසැදි බ්‍රික්ස් රාජ්‍ය එකතුව, ලෝක වෙළෙඳ සංගමයේ කොන්දේසිවලට යටත්ව විවෘත හා අන්තර්ගත බහුපාර්ශ්වීය වෙළෙඳ පද්ධතියක් වෙනුවෙන් අනුබලය සැපයීමට සූදානම් බවද පවසා තිබේ.
කෙසේ වෙතත්, මෙවැනි බහුපාර්ශ්වීය වෙළෙඳ පද්ධතියක් පෙරනොවූවිරූ අභියෝගයන්ට මුහුණදෙනු ඇති බවද ඔවුන් අවධාරණය කර තිබේ.
ඇමෙරිකානු වෙළෙඳ බදු හේතුවෙන් විවාදයට තුඩුදී ඇති ගෝලීය වෙළෙඳාම හමුවේ බ්‍රික්ස් රාජ්‍ය නායකයන් මෙම බහුපාර්ශ්වීය වෙළෙඳ පද්ධතිය ගැන අදහස් දැක්වීම් සිදුව තිබේ.
බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල රාජ්‍ය නායකයන් සහභාගී වූ 10 වැනි බ්‍රික්ස් සමුළුව දකුණු අප්‍රිකාවේ ජොහ්න්නස්බර්ග් නගරයේදී පැවැත් වෙයි.