තිරිඟු මිල නව වාර්තාගත ඉහළ මට්ටමක් දක්වා ඉහළ ගියේ ඉන්දියාව තිරිඟු අපනයනය තහනම් කිරීමට තීරණය කිරීමෙන් පසුවය.
ඒ අනුව, යුරෝපීය වෙළෙඳපොළ විවෘත වනවිට සඳුදා දිනයේ මිල ටොන් එකකට යුරෝ 435ක් දක්වා ඉහළ ගියේය.
ලොව දෙවැනි විශාලතම තිරිඟු නිෂ්පාදකයා වන ඉන්දියාව වාර්තාගත ලෙස උණුසුම්ම මාර්තු මාසය දුටු බැවින් මෙම සති අන්තයේ අපනයන සීමා කරන බව නව දිල්ලිය පැවසීය.
නිෂ්පාදනය අඩුවීම සහ ගෝලීය මිල ගණන් තියුනු ලෙස ඉහළ යාම මධ්‍යයේ රටේම බිලියන 1.4ක ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳවද බලධාරීන් කනස්සල්ල පළ කරමින් මෙම තීරණය ගෙන තිබුණි.
මැයි 13 නිකුත් කරන ලද නියෝගයට පෙර එකඟ වූ අපනයන ගනුදෙනු තවමත් ලබාදිය හැකි වුවත්, අනාගත නැව්ගත කිරීම් සඳහා රජයේ අනුමැතිය අවශ්‍ය වනු ඇතැයි නව දිල්ලිය පවසයි.