ගෝලීය කොවිඩ් මරණවලින් සියයට 64ක් ඇමෙරිකාවෙන්


ලෝකයේ කොවිඩ්-19 මරණවලින් 64% ක්ම ඇමරිකානු කලාපයට අයත් බව පෑන් ඇමෙරිකානු සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ වෛද්‍ය කරිසා එටියන් ඊයේ (18දා) පැවති සාකච්ඡාවකදී පැවසීය.

"ඇමරිකානුවන් ලෝක ජනගහනයෙන් දළ වශයෙන් 13%ක් පමණ සිටින නමුත් නිල වශයෙන් වාර්තා වී ඇති ගෝලීය මරණවලින් 64%ක් මේ වනවිට උතුරු හා දකුණු ඇමරිකානු කලාපයෙන් වාර්තා වෙනවා." එහිදී 400,000කට වැඩි පිරිසක් වෛරසයෙන් මියගොස් ඇති බව එටියන් පැවසීය.

"මේ වෛරසය අනුකම්පා විරහිත වෛරසයක් වන අතර, ඒ අනුකම්පා විරහිත බව අපෙන්ද අපේක්ෂා කරනවා. ඒ නිසා වෛරසය සමග සටනේදී අප සුපරීක්ෂාකාරී විය යුතුයි. සම්ප්‍රේෂණය පාලනය කර ගත යුතුයි" එටියන් පැවසීය.

එටියන් පැවසුවේ ඇමරිකානු කලාපයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 11.5කට ආසන්න සංඛ්‍යාවක් කරා ළඟා වී ඇති අතර, එක්සත් ජනපදය සහ බ්‍රසීලය මෙම ආසාදිතයන්ගෙන් වැඩි ප්‍රමාණයක් දරා සිටින බවය.



Recommended Articles