ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නවතම දත්තවලට අනුව ලොව පුරා කොවිඩ්-19 මරණ සංඛ්‍යාව මිලියන 6කට ආසන්න වේ.
ජාත්‍යන්තර සෞඛ්‍ය නිරීක්ෂණ පුවරුවට අනුව සිකුරාදා වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 5,978,096ක් ඇතුළුව ගෝලීය වශයෙන් තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 440,807,756ක් ලෙස දැක්වෙයි.
තහවුරු වූ ආසාදිතයන් 181,275,264ක් සමග යුරෝපීය කලාපය ලැයිස්තුවේ ඉහළින්ම සිටින අතර, තහවුරු වූ ආසාදිතයන් 147,655,931ක් සමඟ ඇමෙරිකාව දෙවැනි ස්ථානයට පත්ව ඇත.
එක්සත් ජනපදය, ඉන්දියාව සහ බ්‍රසීලය වැඩිම තහවුරු වූ ආසාදිතයන් සංඛ්‍යාවක් ඇති පළමු වැනි රටවල් තුන බව සඳහන් වේ.
පෙබරවාරි 27දා වනවිට ගෝලීය වශයෙන් එන්නත් මාත්‍රා බිලියන 10.6කට ආසන්න ප්‍රමාණයක් ලබාදී ඇති බව WHO වාර්තා කළේය.