ගෝලීය කොවිඩ් මරණ 180,000 ඉක්මවයි - ආසාදිත ලක්ෂ 26ක්


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 182,903ක් ලෙස වාර්තා වෙයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත අද (23දා) අලුයම් කාලයේදී අනාවරණය කළ දත්තවලට අනුව වෛරසය ආසාදනය වී ඇති සමස්ත පිරිස 2,623,415කි.

එමෙන්ම මේ දක්වා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබීමෙන් නිවෙස් වෙත ගොස් ඇති පිරිස 709,694ක් ලෙස එම දත්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.



Recommended Articles