ගෝලීය කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 41.7ක් - මරණ 286,000


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ලොව පුරා ආසාදනය වූ පිරිස 4,174,651ක් ලෙස අද (12දා) අලුයම වාර්තා විය.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් නිකුත් කරන දත්තවලට අනුව මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 286,000ක සීමාවට පැමිණ තිබේ.

එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් පසුව සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති පිරිස 1,455,548ක් ලෙසද එම දත්ත වාර්තා පෙන්වා දෙයි.



Recommended Articles