ගෝලීය කොවිඩ්-19 මරණ 315,000 අගය පසුකර ගිහින්


කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතව ගෝලීය වශයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව අද (18දා) අලුයම වනවිට 315,000 සිමාව පසුකර ගොස් තිබේ.

ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එම මරණ සංඛ්‍යාව දැක්වුණේ 315,023ක් ලෙසිනි.

එමෙන්ම ලොව පුරා වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 5ක සීමාව කරා වේගයෙන් ඇදී එමින් පවතින අතර, එම ආසාදිත අගය අද (18දා) අලුයම දැක්වුණේ 4,710,614ක් ලෙසිනි.

මේ අතර වෛරසය ආසාදිතව සිට සුවය ලබා ඇති පිරිසද මේ වනවිට 1,732,344ක් ලෙස ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.



Recommended Articles