ගෝලීය කොවිඩ්-19 ආසාදිත පිරිස 5,000,000 සීමාව පනියි


ගෝලීය වශයෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත අගය මිලියන 5ක (5,000,000) සීමාව පසුකර ගිය බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් පිළිබඳ වාර්තා ඉදිරිපත් කරන වෙනත් ආයතන විසින් මීට පෙරම මෙම අගය පසුකිරීම ගැන සඳහන් කළද, මේ දක්වා බොහෝ පිළිගත් මාධ්‍ය ආයතන විසින් ලෝකයේ කොවිඩ්-19 ආසාදිතයන් පිළිබඳ නිවැරදි දත්ත ලබාගන්නා ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය මේ ආකාරයෙන් සිය දත්ත සටහනේ ආසාදිතයන් මිලියන 5ක සීමාව පසුකළ බව දැනුම්දෙනු ලැබුවේ මීට සුළු මොහොතකට පෙරදීය. ඒ අනුව ඔවුන්ගේ දත්ත සටහනට අනුව මේ මොහොතේ ගෝලීය කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 5,000,038කි.

එසේම එම දත්ත වාර්තාවන්ට අනුව මේ වනවිට ලොව පුරා වාර්තා වන කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත සමස්ත මරණ සංඛ්‍යාව 328,172ක් ලෙස දැක්වෙයි.

එසේම නව කොරෝනා වෛරසය ආසාදිතව සිට ගෝලීය වශයෙන් සම්පූර්ණ සුවය ලබා ඇති පිරිසද 1,899,350ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත වැඩිදුරටත් පවසයි.



Recommended Articles