ගෝලීය උණුසුම පිටුදැකීම සඳහා කැනඩාව පුරා උද්ඝෝෂණ රැසක්


ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට එරෙහිව කැනඩාව පුරා පැවති උද්ඝෝෂණ සඳහා සිය දහස් ගණන් ජනතාව සහභාගී වී තිබේ.

මෙම උද්ඝෝෂණ මාලාවට සහාය දැක්වීම සඳහා ලොව පුරා රටවල ජනතාව වීදි බැසීම අරඹා ඇති ආකාරයද දැකගත හැකිය.

ගෝලීය කාලගුණ වර්ජන ව්‍යාපාරය විසින් මෙහෙයවන මෙම උද්ඝෝෂණවලින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ගෝලීය උෂ්ණත්වය අවම කරගැනීම සඳහා වූ ව්‍යායාමයන්ට රාජ්‍ය නායකයන් පොළඹවා ගැනීමයි.

මීට පෙර ස්වීඩන් ජාතික පාසල් ශිෂ්‍යාවක මෙන්ම, ක්‍රියාකාරිනියක වූ ග්‍රේටා තුන්බර්ග් හරහා පාසල් පද්ධතිය තුළින්ම මෙම උද්ඝෝෂණය ආරම්භ විය.



Recommended Articles