ගෝලීය ආහාර අර්බුදයට රුසියාව වගකිවයුතු නැහැ


රුසියාවට සහ බෙලරුසියාවට එරෙහිව එක්සත් ජනපදය සහ එහි හිතවාදීන් විසින් පනවන ලද සීමා කිරීම්, පොහොර වෙළෙඳාමට බලපෑම් කිරීම සහ ආහාර මිල ඊටත් වඩා ඉහළ නැංවීම මගින් ගෝලීය ආහාර අර්බුදය උග්‍ර කරනු ඇති බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් පවසයි.

අප්‍රිකානු සංගමයේ ප්‍රධානී මැකී සෝල් සමග සෝචි හි පැවති රැස්වීමකින් පසු විශේෂ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී පූටින් චෝදනා කළේ බටහිර නායකයන් "ලෝක ආහාර වෙළෙඳපොලේ සිදුවෙමින් පවතින දේ පිළිබඳ වගකීම මාරු කිරීමට" උත්සාහ කරන බවයි.

අර්බුදයේ සෙසු මූලික හේතු කොවිඩ්-19 වසංගතය තුළ එක්සත් ජනපද මූල්‍ය ප්‍රතිපත්ති සහ බටහිර යුරෝපය පුනර්ජනනීය ද්‍රව්‍ය සහ කෙටි කාලීන ගෑස් කොන්ත්‍රාත්තු මත අධික ලෙස රඳා පැවතීමත් දැක්විය හැකි බව පැවසූ පූටින්, මිල ඉහළ යාමට සහ උද්ධමනය ඉහළ යාමට මෙම කාරණා හේතු වී ඇති බව පවසයි.



Recommended Articles