දෙරට අතර හමුදාමය ගැටුමක් තිබියදීත්, රුසියාව සහ යුක්රේනය යන රටවල් දෙකම ගෝලීය ආහාර වෙළෙඳපාළට ක්ෂණිකව නැවත ඒකාබද්ධ කිරීම හැර ගෝලීය ආහාර අර්බුදයට වෙනත් විසඳුමක් නොමැති බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අවධාරණය කරයි.
ස්වීඩන් අගමැති මැග්ඩලේනා ඇන්ඩර්සන් සමග පැවති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ, "ආහාර හිඟය වළක්වා ගැනීම සඳහා ඉක්මන් සහ තීරණාත්මක ක්‍රියාමාර්ගයක් අවශ්‍ය බවයි, එනම් අපනයන සීමාවන් ඉවත් කිරීම, අවදානමට ලක්විය හැකි ජනගහනයට අතිරික්තයන් හා සංචිත වෙන් කිරීම සහ අස්ථාවරත්වය වළක්වමින් ආහාර මිල වැඩිවීම් ආමන්ත්‍රණය කළ යුතු" බවයි.
"නමුත් මට අවංකව පැවසීමට ඉඩ දෙන්න. මන්දයත්, යුක්රේනයේ ආහාර නිෂ්පාදනය වගේම, යුද්ධය නොතකා රුසියාව විසින් නිෂ්පාදනය කරන ලද ආහාර සහ පොහොර ලෝක වෙළෙඳපාළට නැවත ඒකාබද්ධ කිරීමකින් තොරව ආහාර අර්බුදයට ඵලදායී විසඳුමක් නැහැ. " ගුටරෙස් පැවසීය.
අඟහරුවාදා, වෙළෙඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ මහලේකම් රෙබෙකා ග්‍රින්ස්පන් මොස්කව් වෙත ගිය අතර එහිදී ඇය රුසියානු පළමු නියෝජ්‍ය අගමැති ඇන්ඩ්‍රි බෙලූසොව් සමග ආහාර සහ පොහොර අපනයනය පිළිබඳ ඵලදායී සාකච්ඡා පැවැත්වීය. පසුව ඇය එම ගැටලුව ගැනම සාකච්ඡා කිරීමට වොෂිංටනයට ගියාය.