ගෙවීගිය පැය 24 තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයට නව කොවිඩ්-19 ආසාදිතයන් 259,848ක් වාර්තා වී ඇති බවත්, එය මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා වූ දෛනික ඉහළම ආසාදිතයන් සංඛ්‍යාව බවත් සෙනසුරාදා ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව අලුතින් වාර්තා වූ ආසාදිතයන්ගේ වැඩිවීම පැය 24ක කාලයක් තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා වූ සිද්ධීන් සඳහා තවත් වාර්තාවක් තබා ඇති අතර, ලොව ප්‍රබලතම රාජ්‍යයන් කිහිපයක් මෙම ආසාදිත වර්ධනය සඳහා සෘජුවම දායක වී තිබේ.
මීට පෙර දිනයේ කොවිඩ්-19 රෝගීන් 237,743ක් ලෙස වැඩිම ආසාදිතයන් සඳහා වාර්තාව පිහිටුවා තිබුණි.
එමෙන්ම ගෙවීගිය පැය 24 තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයට අතිරේක කොවිඩ්-19 මරණ 7,360ක් වාර්තා ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
ජූලි මාසයේදී දිනකට මරණ 4,800ක සාමාන්‍යයක් වාර්තා කර ඇති අතර, එය ජුනි මාසයේදී සාමාන්‍යයෙන් දිනකට 4,600ක් පමණ විය.