ගෝලීය අවපාතයේ අවදානම ඉහළයි - ආර්ථික විද්‍යාඥයින්


පොලී අනුපාත ඉහළ දැමීම මගින් මිල පීඩනයට එරෙහිව ආක්‍රමණශීලී ලෙස සටන් කිරීමට ලොවපුරා මහ බැංකු දරන උත්සාහයන් ගෝලීය ආර්ථිකය අවපාතයකට ඇද දැමිය හැකි බවට බහු ආර්ථික විද්‍යාඥයින් උපුටා දක්වමින් බ්ලූම්බර්ග් අනතුරු අඟවයි.

ඔවුන් 0.5%කින් පොලී අනුපාත වැඩිකළ පසුවත්, එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය, යුරෝපීය මහ බැංකුව (ECB) සහ එංගලන්ත බැංකුව (BoE) යන ආයතනවල ප්‍රධානීන් තවදුරටත් පොලී අනුපාත වැඩිකිරීමේ අවශ්‍යතාව සංඥා කිරීමෙන් පෙනී යන්නේ ඔවුන්ගේ ආර්ථිකයන් දුර්වල වෙමින් පැවතීම යැයි ඔවුහු පෙන්වා දෙති.

මෙහිදී වැඩිවන අවදානම ලෙස බ්ලූම්බර්ග් පෙන්වා දෙන්නේ, මූල්‍ය ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීම තුළ ඉල්ලුම පහළ යෑමට බලපෑමක් සිදුවන බවයි. එය ලබන වසරේ ලෝක ආර්ථිකය පසුබෑමට බල කෙරෙනු ඇති බවයි.

"අපි ඉන්නේ ගෝලීය අවපාතයක අද්දර" යැයි ඇමෙරිකානු බැංකුවේ ගෝලීය ආර්ථික පර්යේෂණ ප්‍රධානී ඊතන් හැරිස් පැවසීය.



Recommended Articles