ගෝලන් කඳුකරයේ සිරියානු හමුදා ඉලක්කයන්ට ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර


ගෝලන් කඳුකරය වෙත එල්ල වූ රොකට් ප්‍රහාරයකින් පසුව එහි සිරියානු හමුදා ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසයි.

රාත්‍රියක් මුළුල්ලේ පැවති මෙම ගුවන් ප්‍රහාරයෙන් සිරියානු හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණි.

වර්ෂ 1967 දී ඊශ්‍රායලය සිරියවේ ගෝලාන් කඳුකරය අත්පත් කරගත් අතර, පසුව එය සිරියාවට සම්බන්ධ කර ගත්තේය. නමුත්, ජාත්‍යන්තරය මෙය පිළිගැනීමකට ලක්කළේ නැත.

කෙසේ වෙතත්, මෙම රොකට් ප්‍රහාර හමුවේ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා සිටියේ තම භූමියට එල්ල වන කිසිදු ආකාරයක ප්‍රහාරයක් තමන් ඉවසා දරා නොසිටින බවයි.



Recommended Articles