නවසීලන්තය කරා ඇදීඑන ගේබ්‍රියල් නිවර්තන සුළි කුණාටුව හේතුවෙන් එහි උතුරු දිවයින වෙත දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
එරට කාලගුණ අංශ පෙන්වා දුන්නේ, 20කට අධික කාලගුණික අනතුරු ඇඟවීම් සිදුකර ඇති බවයි.
එහිදී ඕක්ලන්ඩ් අනගරයට රතු අනතුරු ඇඟවීමක් සිදුකර ඇති අතර, එහි වෙසෙන ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසත්, අත්‍යවශ්‍ය ආරක්ෂණ පියවර ගන්නා ලෙසත් දැනුම් දී තිබේ.