ගේබ්‍රියල් නිසා නවසීලන්තය තුළ මරණ 4ක් වාර්තා වෙයි


නවසීලන්තයට බලපෑ ගේබ්‍රියල් සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට එරට තුළ මරණ 4ක් වාර්තා වන බව නවසීලන්ත බලධාරීන් පවසයි.

කෙසේ වෙතත්, සුළි කුණාටුවේ බලපෑම මෙතෙක් අවසන් වී නොමැති බවට අනතුරු ඇඟවුණද, කුණාටුවේ නරකම තත්ත්වය මේ වනවිට පහව ගොස් ඇති බවද කාලගුණ අංශ පෙන්වා දෙයි.

මියගිය අයගෙන් තිදෙනෙකු කුණාටුව අවස්ථාවේදී අතුරුදන් වූ ගිනිනිවන භටයන්ගේ බවට විශ්වාස කරන අතර, එම සිරුරු සුළි කුණාටුවේ ප්‍රබලතම බලපෑම සිදුවූ හෝක් බේ කලාපය ආශ්‍රිතව හමුවී තිබේ.

මීට අමතරව කුඩා දරුවෙකුද සුළි කුණාටුව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය ගණන මීට වඩා වැඩිවිය හැකි බවටද අනතුරු ඇඟවෙයි.



Recommended Articles